May 02, 2024

හිටපු මැති ඇමතිවරු රැසක් රත්නපුර රැළියට - සම්පූර්ණ විස්තරය මෙන්න (PHOTOS)

‘දිනූ නිදහස අනතුරේ, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු!’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික රැලි මාලාවේ තෙවැන්න රත්නපුර සීවලී ක‍්‍රීඩාංගණය අසලදී අද (26) පස්වරුවේ පැවැත්විණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස බල කෙරෙමින් මෙම දැවැන්ත රැලිය පැවැත්වේ.

එම රැළියට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර,  රෝහිත අබේගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්තේ, ගාමිණි ලොකුගේ, මනුෂ නානයක්කාර, උදිත ලොකුබණ්ඩාර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් 26ට වැඩි පිරිසක් ඊට සහභාගී වී සිටින බව වාර්තා වේ.

ඒ අනුව එම රැළියට ප්‍රසන්න රණතුංග, මනුෂ නානායක්කාර, රංජිත් ද සොයිසා, සනී රෝහන කොඩිතුවක්කු, ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, මහින්දානන්ද අලුත්ගමගේ, එස් එම්චන්දුසේන, එස්.සී මුතුකුමාරණ, ෂෙහාන් සේමසිංහ, වයි.ජී පත්මසිරි, ශ්‍රියානි විජේවික්‍රම, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම, සාලින්ද දිසානායක, ටී.බී ඒකනායක, උදිත ලොකුබණ්ඩාර, චාම්ක බුද්ධදාස, වී.කේ ඉන්දික, ජානක බණ්ඩාර, කමලා රණතුංග, විදුර වික්‍රමනායක, ගීතාංජන ගුණවර්ධන, වීරකුමාර දිසානායක, එස්.එම් චන්ද්‍රසේන යන මැති ඇමතිවරුන් සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 March 2015 09:53