May 02, 2024

'අපි රත්නපුරේදී හමුවෙමු' - ප්‍රසන්නගෙන් විශේෂ නිවේදයක්   

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් රත්නපුරේ හෙට (25) පැවැත්වෙන රැළියට තමන් සහභාගි වන බව බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු නිකුත් කළ නිවේදයක් සිය ෆේස්බුක් ගිණුමට එක්කරමින් මේ බව සඳහන් කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා බවට පත් කරන ලෙස බල කරන රත්නපුර රැස්වීමට සහභාගී වීම සඳහා අද (25) මධ්‍යම රාත්‍රීයේ දිවයිනට පැමිණෙන බව මහ ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මේ අතර තමන් එම රැළියට සහභාගී වන්නේ තනිව නොවන බවත් ඒ සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් 40 දෙනෙකු සහ බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් 150 දෙනෙකු ද තමන් සමග මෙම රැළියට සහභාගි වන බවත් හෙතෙම දන්වා සිටී. 

කෙසේවෙතත් විදෙස් ගතවී සිටිම නිසා පසුගියදා මහනුවර පැවති රැළියට ඔහු සහභාගි වූයේ නැත.

එම ප්‍රකාශය පහතින් දැක්වේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 March 2015 09:57