May 08, 2024

ජනකට, ඩිලාන්ට, තිස්සටත් ඇමති ධූර හිමිවෙයි?   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, තිස්ස කරල්ලියද්ද, එස්.බී.නාවින්න, පියසේන ගමගේ, මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා හා ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඇමැතිකම් හිමිවීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් දිවුරුම්දීමටද නියමිතය.

මේවන විට ලැබෙන ආරංචි මාර්ග අනුව කෘෂිකර්ම අමාත්‍ය ධූරය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට හිමිව ඇති බවයි.

දිස්ත්‍රික්කයකට ඇමැතිවරයකු බැගින් මෙම පත්වීම් කිරීමට ඉඩ ඇතැයිද දැනගන්නට ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 March 2015 16:12