May 07, 2024

ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් අද වි‍ශේෂ කැඳවීමක් - ශ්‍රීලංනිපයටත් ඇමතිධූර හිමිවෙයි?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක් අද (22) පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙම හමුව සඳහා ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවා ඇති අතර බොහෝදුරට මෙම හමුවේදී ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඇමතිධූර හිමිවීමට නියමිත බව වාර්තා වේ.

එජාපය සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලංනිපය එකඟවී ඇති අතර එහිදී ඇමතිධූර කිහිපයක් ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන්ට හිමිවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අද (22) හෝ හෙට (23) දිනයේදී ජාතික ආණ්ඩුව පිහිටුවමින් ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන් ඇමතිධූර සඳහා දිවුරුම් දීමට නියමිතය.

කෙසේවෙතත් ශ්‍රීලංනිප මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත ඇමතිධූර මොනවාද යන්න මේවන තෙක් හෙළිවී නොමැත. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 March 2015 15:43