May 08, 2024

රත්නසිරි වික්‍රමනායකගේ පාර්ලිමේන්තු දිවියට වසර 55ක්  

හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 55ක් පිරීම නිමිත්තෙන් උපහාර දැක්වීමේ උත්සවයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (19) පැවැත්විණි.

එම උත්සවයේ සංවිධායක ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතායි. 

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයකු ලෙස කටයුතු කළ, ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයකු වන රත්නසිරි වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට පත් වී වසර 55ක් සපිරේ. 

රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු වෙයි. 1960 වර්ෂයේ මාර්තු 19 දින පැවැති මහ මැතිවරණයෙන් හොරණ ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය. 

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා සහභාගී වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභාගී වූහ.

Rate this item
(0 votes)