May 07, 2024

මහින්ද, විමල් සහ උදයට සයිබර් ප්‍රහාරයක්?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හා විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

ඒ අනුව පසුගිය 13 වැනි දා පස්වරු 7ත් 9ත් අතර උදය ගම්මන්පිල මහතාගේ ෆේස්බුක්හි පවතින රසික පිටුවේ (ෆෑන් පේජ්) මනාප (ලයික්ස්) 1,200ක් අඩු වී තිබූ බව එම පක්ෂය පෙන්වා දෙයි.

වෙනත් රසික පිටු පරික්ෂා කිරීමේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ 15,800ක් ද විමල් වීරවංශ මහතාගේ 4,100ක් ද එසේ මනාප අඩු වී ඇත.

රසික පිටුවක මනාප ඉහළ පහළ යෑම සාමාන්‍ය තත්වයක් නමුත් කෙටි කාලයක් මෙතරම් ගණනකින් මනාප අඩුවීම අසාමාන්‍ය  තත්වයක් බවත්  මෙවැනි දෙයක් සිදුවිය හැක්කේ යම් විරුද්ධවාදියෙකු විසින් ‘අන්තර්ජාල  බොට්‘ යනුවෙන් හදුන්වන පරිගණක වැඩසටහන් භාවිතා කර මනාප අඩු කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින්නේ නම් පමණක් බවත් එම පක්ෂය සඳහන් කරයි.

මේ පිළිබඳ  ෆේස්බුක් ආයතනයට උදය ගම්මන්පිල මහතා විසින් පැමිණිලි කර තිබේ.

Rate this item
(0 votes)