May 07, 2024

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනස මෙන්න - සම්පූර්ණ ගැසට් පත්‍රය බලන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය කිරීම සඳහා 2015 මාර්තු මස 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද දහනව වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ගැසට්‌ පත්‍රය ජනාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව ඉදිරිපත් කර ඇති සංශෝධන මෙසේය.

30. (1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක්‌ වන්නේ ය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්‌ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය;

(2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර පස්‌ අවුරුදු කාලයක්‌ ධුරය දරන්නේ ය.

එම දහනව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පත පහතින් දැක්වේ.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 18 March 2015 16:24