May 03, 2024

මෛත්‍රී - මහින්ද අද පළාත් පාලන මන්ත්‍රීවරුන් හමුවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අද (17) බස්‌නාහිර පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන් හමුවීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හමුව අද (17) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවත් එයට සහභාගි වන ලෙස පක්‍ෂ මූලස්‌ථානයෙන් දැනුම්දීමක්‌ කර ඇති බවත් වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හමුව පෙරවරු 10.00 ට කළුතර දිස්‌ත්‍රික්‌කයේද, දහවල් 2.00 ට ගම්පහ දිස්‌ත්‍රික්‌කයේද, සවස 5.00ට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීවරුන්ද අභයාරාමයේදී හමුවීමට නියමිතය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ පත්ව සිටින මහ නගර සභා, නගර සභා, සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙම හමුවන් සඳහා සහභාගිවීමට නියමිත බව මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද 58 ලක්‍ෂයෙන් ලක්‍ෂ 20 ක්‌ පමණ ලබා ගැනීමට පළාත් පාලන ආයතන නියෝජිතයන් දායකත්වය ලබාදුන් බවත් එයට කෘතගුණ සැලකීමක්‌ ලෙස හිටපු ජනාධිපතිවරයා සුහදව හමුවීමක්‌ පමණක්‌ මෙහිදී සිදුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 07:34