May 03, 2024

මැතිවරණයකට සූදානම්වන්න - ජනපති ශ්‍රීලංනිප සංවිධායකවරුන්ට කියයි

ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ රාත්‍රීයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තමා ඉදිරි මැතිවරණයට නායකත්වය දෙන බව ද ජනාධිපතිවරයා එහිදී ආසන සංවිධායකවරුන්ට පැවසූ බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේ ය.

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් රැසකගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පැවැත්විණ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 07:34