May 03, 2024

'මර්වින්ගේ පුතාගේ කෙරුවාව හොඳට දන්නවා' - ගෝඨාභය මර්වින්ට දෙහිකපයි 

හිටපු ඇමති මර්වින් සිල්වාට පහත් ක්‍රියා සිදු කිරීමට හැකියාවක් ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (16) රාත්‍රී දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ 360 දේශපාලන වැඩසටහනට සහභාගීවෙමිනි.

මර්වින් සිල්වාගේ පුතාගේ කෙරුවාව එයා හොඳට දන්නා බවත් සමාජශාලාවලදී ගුටිකන තත්ත්වයක් තිබුණු බවත් ඔහු නයිට් ක්ලබ්වලදී, හමුදා නිලධාරියෙකුගෙන්, විදෙස් ජාතිකයෙකුගෙන් පවා ගුටි කෑ බවත් ඔහු පෙන්වා දුන්නේය.

භාරත ලක්ෂ්මන් ඝාතනය පිළිබඳ පොලිස් පරීක්ෂණ සිදු කර අධිකරණයේ නඩුවක් පවතින බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

පසුගිය රජයේ බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට විරුද්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පසුගියදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිලි කළේය.

මර්වින් සිල්වා මහතා එහිදී ප්‍රකාශ කළේ මෙරට සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය, රාගම ලොකුසීයා ඝාතනය හා සුදු වෑන් සංස්කෘතිය යන සිදුවීම්වලට අදාලව මෙම පැමිණිලි සිදු කළ බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 08:34