May 03, 2024

ජනපතිගේ බලතල කප්පාදු වෙයි - ජනපතිට අහිමි වන දේවල් මෙන්න

ජනාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගෙන සම්මත කර ගැනීමටද නියමිතය.

ඒ අනුව, 

1. පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිට එයින් අහිමිවේ. 

2. එසේම වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකිය. 

3. දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද ඉඩ නොලැබෙයි, 

4. පාර්ලිමේන්තුව විසිරැවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කෙරේ

5. ඔහුගේ රාජකාරි සමයේ සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තියද ඉවත් කෙරෙනු ඇතෙ.

එසේම මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධන ගැන අවසන් තීරණය හෙට(17) ලබාදීමට නියමිතය.

මේ කෙටුම්පතේ සඳහන් කරුණු අටක් පිළිබඳ මෙහිදී එකඟතාවකට පැමිණ ඇති අතර පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කිරීම, අධිකරණය ඉදිරියේ ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීමටද එහිදී එකඟ වී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ “ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට තිබුනත් මීට පසු ඒක පත් කරන්න පුළුවන් යම් කිසි නිර්නායක යටතේ පමණක්. ජනාධිපති ධූර කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කරන්න තීරණය කළා. කැබිනට් මණ්ඩලය තිස් දෙනකුට අඩු කිරීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව හතලිහකට සිමා කිරීමටත් තීන්දු කළා. වරදකරුවන්ට සමාව දීමේ බලය පාවිච්චි කරන්නෙත් යම් නිර්නායකයන්ට යටත්ව පමණයි කියලා තින්දු කළා.“

“එකම ප්‍රශ්නයයි තිබුනෙ. රටේ රාජ්‍ය නායකයා සහ සේනාධිනායකයා ජනාධිපති වුනත් ආණ්ඩුවේ නායකයා ලෙස අගමැතිවරයා පිළිගැනීම නිසා ආණ්ඩුවේ නායකයා වශයෙන් අගමැතිවරයා ජනාධිපතිවරයා පිළිගත යුතුයි යන දැඩි ස්ථාවරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටීමෙන්. ඒ අනුව අවසාන කෙටුම්පතට ජනාධිපතිවරයා රාජ්‍ය නායකයාත් සේනාධිනායකයා මෙන්ම ආණ්ඩුවේ නායකයා බවට මේ පවතින ජනාධිපතිවරයා පත් වුණා. ඒ අනුව මේ කෙටුම් පත ඊයේ පැවැත් වූ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී දීර්ඝව සාකච්ඡා කර සම්මත කළා. ඒ අනුව මධ්‍යම රාත්‍රි දොළහට මේ ව්‍යවස්ථා කෙටුම් පත ගැසට් කිරීමට තින්දු කළා.“ යැයි හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)