May 03, 2024

'මහින්ද පාර්ලිමේන්තු මැතිවරණයට එනවා' - ගම්මන්පිල හෙළි කරයි (VIDEO)

එදාට වඩා මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ වටිනාකම ඊට වෙනස් පාලනයක් පැමිණි පසු දැ‍නෙන බවත් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ගෙන එන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මව්බිමේ ඒකීයභාවය, ස්වාධීනත්වය හා නිදහස වෙනුවෙන් දිවිපිදු දේශ ප්‍රේමීන්ට පිං පැමිණවීමේ පිංකමක් ඊයේ (15) ඓතිහාසික කතරගම කිරිවෙහෙර මළුවේදී පැවැත්වූ අතර මන්ත්‍රීවරයා එහිදී එම අදහස් පළ කළේය.

“යහ පාලන ආණ්ඩුව දින 60ක් යන්නත් කලින් ජනතාවට එපාවෙලා. එදා මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු වටිනාකම දැ‍නෙන්නේ ඊට වෙනස් පාලනයක් ආවට පස්සේ. ඒ නිසා අද රටම ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිං අනිවාර්යෙන් ම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට අපි එතුමා ගේනවා විතරක් නෙවෙයි ඊ ළඟ පාර්ලිමේන්තුවේ ඇගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමායි.“ යැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එම පිංකම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර මෙම අවස්ථාවට හිටපු මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 01:35