May 03, 2024

සන්ධාන නායකයින්ගෙන් දේශපාලන තීන්දු රැසකට එකඟතාව

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ මැතිවරණ ක්‍රමය යන දෙකම එකවර වෙනස්‌ විය යුතු බව පසුගියදා පැවති සන්ධාන පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය කළ බව ශ‍්‍රීලංනිප මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා (14) රැස්‌වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක රැස්‌වීමේදී සහ විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී දැනට සකස් කර ඇති දිනේෂ් ගුණවර්ධන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරිමටද මෙහිදී පක්‍ෂ නායකයන්ගේ එකඟතාව හිමිවූ බව මහ ලේකම්වරයා පැවසී ය.

ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොළය යටතේ තරග කිරීමට ද ඒ සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ද මහාචාර්ය තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂවලට ආරාධනා කිරීමට ද එජනිස පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.

එමෙන්ම ඉදිරි මහ මැතිවරණයේදී ද බුලත් කොළය යටතේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තරග කිරීමට තීරණය කර තිබේ. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 March 2015 01:35