May 03, 2024

හිටපු ජනපති දේශපාලනයෙන් ඈත්වෙයි? මහින්ද කතා කරයි (VIDEO)  

මේ දවස් කිහිපයේ තමන් දේශපාලනයෙන් ඈත්ව සිටින බවත් තමා හොඳ ශ්‍රී ලංකා කාරයෙකු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

කොළඹ ජාතික කලාභවනේදී පැවති ප්‍රවීණ ඡායාරූප ශිල්පී සංඛ විදානගම‍ මහතාගේ ප්‍රථම ඒක පුද්ගල ජනමාධ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එහිදී එම අවස්ථාවට පැමිණ සිටි මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ජාතික ආණ්ඩුවක් පිළිබඳව සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ විමසා සිටියේය.   

එහිදී ඔහු සඳහන් කළේ “ජාතික ආණ්ඩුවක්..අපි බලමු ඉතින්. එහෙම යෝජනාවක් තියෙනවද.“

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 16 March 2015 07:04