May 03, 2024

මහින්ද අගමැති කරන ‘03 වැනි රැළිය’ රත්නපුරේ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට බල කරමින් සංවිධාන කරන ජාතික රැළි මාලාවේ තෙවැන්න රත්නපුර නගරයේ දී මෙමස 26 වැනි දා සවස තුනට පැවැත්වේ.

දිනූ රට අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු තේමාව යටතේ මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය මෙම රැළිය සංවිධාන කරති.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් විසින් ජනතාව අමතන මෙම රැළියට සහභාගී වන්නැයි මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් ලක්ෂ 58 ක ජනතාවට සංවිධායකයෝ ඇරැයුම් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 March 2015 09:57