April 28, 2024

ජනපතිවරණ දිනයේ රාත්‍රිය ගත කළ හැටි මෛත්‍රී හෙළි කරයි 

තමාගේ සහ සිය දරුවන්ගේ ආරක්ෂාව පිණිස ජනපතිවරණ දින රාත්‍රිය ගත කළේ කුරුණෑගල සිය මිතුරෙකුගේ නිවසේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ලන්ඩන් නුවර දී බීබීසී සංදේශය වෙත ලබා දුන් විශේෂ සාකච්ඡාවකදී ය.

තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා සිර භාරයට ගැනීමටත් සිය පවුලම විනාශ කිරීමටත් සැලසුම් කර තිබූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

‘මැතිවරණ ප්‍රතිඵලය අනික් පැත්තට ගියා නම් මගේ දරුවන් සහ මම මේ වන විට ජීවතුන් අතර ඉන්නවා දන්නෙත් නැහැ. ඒක තමයි මහින්ද රාජපක්‍ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය. මං ඒක හොඳට දන්නවා. දැන් ඔය කවුරුත් අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. හැබැයි ඒ අය දිනලා මම පරාජය වුනා නම් මෙලහට කී දෙනෙක් මරලද, කී දෙනෙකුගේ අතපය කඩලද, කී දෙනෙක් හිරේ ගිහිල්ලද, කී දෙනෙක්ව රස්සා වලින් දොට්ට දාලද කියල අපි දන්නවා.‘ යැයි හෙතෙම පෙන්වා දුන්නේය. 

‘පැහැදිලිවම ඒ අය සැළසුම් කරලා තිබුණේ මං පරාජය වුනා නම් අපේ මුළු පවුලක් පිටින් සිර භාරයට ගන්න, විනාශ කරන්න.’ යැයිද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසී ය.

(බීබීසි)

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 13:20