April 28, 2024

ඡන්ද අපේක්ෂකයන්ට අවශ්‍ය සුදුසුකම් මෙන්න

මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක 8ක් ඇතුළත් 'මාර්තු 12 ප්‍රකාශනය' පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රකාශයට පත් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, ජනතා විමුක්ති පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති ආදී දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයෝද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඒ සඳහා නිර්ණායක 8ක් ඇතුළත් වන අතර එම නිර්නායක මෙසේය.

1. අපරාධ වරදක් සඳහා සිරදඬුවම් ලක්වූ හෝ අත්හිටවූ සිර දඬුවම් වලට ලක්වූවෙකු නොවිය යුතුය.

2. අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරදකරුවෙකු නොවූ සමාජය පිළිගත්, චරිතවත් අයෙකු විය යුතුය. එමෙන්ම අල්ලස් හෝ දූෂන පිළිබඳ චෝදනා ලැබූ අය ගැන පරීක්ෂා කාරී විය යුතුය.

3. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, සූදු, කැසිනෝ, ගණිකා මඩම් ඇතුළු රටේ යහපැවැත්මට හානිකර ව්‍යාපාර පවත්වාගෙන යන හෝ අතීතයේ එවැන්නක් නොකළ අයෙකු විය යුතුය.

4. ජීව ආධාරක ව්‍යුහය විනාශ කරන පාරිසරික වශයෙන් හානිදායක වන ව්‍යාපාර වල යෙදුණු හෝ යෙදෙන අයෙකු නොවිය යුතුයි.

5. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටට අගතිගාමී මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හා මහජන නියෝජිතයකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇතිකර ගත් හෝ ගිවිසුමක පාර්ශ්වකරුවෙකු නොවන්නෙකු විය යුතුයි.

6. නාමයෝජනා ලබාදෙන අපෙක්ෂකයා තමා නියෝජනය කරන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හෝ එහි ජනතාව සමග සම්බන්ධතා පවත්නා අයෙකු විය යුතුය.

7. නාමයෝජනා ලබා දීමේදී කාන්තා හා තරුණ නියෝජනය සඳහා ප්‍රමාණවත් අයස්ථාව ලබා දීමට ක්‍රියා කළ යුතුයි. 

8. දේශපාලන බලය අනිසි හා අයුතු ලෙස භාවිතා නොකළ අයෙකු විය යුතුය. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 March 2015 14:28