April 28, 2024

ජනපති මෛත්‍රීට ඉගෙන ගත යුතු පාඩමක් ගැන මහින්ද මතක් කරයි

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බැනපු පුද්ගලයින් ජනාධිපතිවරයාට ලංවී තමාට බනින බවත් සිරිසේන ජනාධිපතිවරයා එම පාඩම ඉගෙන ගත යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ(11) රාත්‍රියේ අනුරාධපුර, කුරුන්දන්කුලම පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාගේ නිවසට පැමිණීමෙන් පසු ජනතාව අමතමිනි.

"සිරිසේන ජනාධිපතිතුමන්ට බැනපු උදවිය අද එයාට ළංවෙලා මට බනිනවා.මං හිතනවා සිරිසේන ජනාධිපතිතුමත් මේ පාඩම ඉගෙන ගනියි කියලා.මේ පාඩම ඉගෙන ගෙන කටයුතු කළොත් එතුමාට හොඳයි කියල මම හිතනවා.තමන්ගේ වටේ ඉඳගෙන තමන්ව නොමග යවන අයගෙන් පරිස්සම් වෙන්න කියා මතක් කරනවා" යැයි හිටපු ජනපතිවරයා සඳහන් කළේය.

“ආරක්ෂක ලේකම්තුමාට විරුද්ධව නොයෙකුත් චෝදනා පහුගිය දවස් වල එල්ල කළා. ඒ වගේම මට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල කරනවා.නාමල්ට, යෝෂිතට, රෝහිතට දරුවෝ ඔක්කොටම විරුද්ධව තමයි මේ චෝදනා තියෙන්නේ.තාම ඒ චෝදනා විභාග කරනවලු.මාලිගා හදල තියෙනවලු.අන්තිමට ඒ අයටම ඒවා පිළිගන්න සිද්ධ වුණා.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණ ඕනෑම දෙයකට සියලු කැබිනට් ඇමතිවරු වගකියන්න ඕන.මං විතරක් නෙමෙයි. දැන් හරි පුදුම වැඩේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවේ කවුද? කඩාගෙන ගිහිල්ලා තරග කළේ කා එක්කද? ශ්‍රී ලංකා අපේක්ෂකයාත් එක්කමයි.පැරදුණු අපේක්ෂකයා පැරදුණා.නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීමට අපේ පක්ෂය අපි භාර දුන්නා. මේ රටේ ජනතාව දක්වන සහයෝගය එදත්, අදත්, හෙටත් මට ලැබෙන බව විශ්වාසයි” යැයිද එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසී ය.

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 13 March 2015 11:07