April 28, 2024

විශේෂ සාකච්ඡාවකට එජාප - ශ්‍රීලංනිපය අද රැස්වෙයි

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද (11) සහ හෙට (12) පැවැත්වෙයි.

මේ සඳහා ආණඩු පක්ෂය නියෝජනය කරමින් අග්‍රාමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් කිහිප දෙනෙක්ද විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු ‍‍‍ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත. 

මෙම සාකච්ඡාව අද (11) පස්වරු 3.00ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිත අතර හෙට පස්වරු 2.30ට නැවතත් එම ස්ථානයේදීම යළි රැස්වීමට නියමිතව ඇත.

අනෙක් පක්ෂවල අදහස් හා යෝජනා තවදුරටත් සලකා බැලීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සියලුම පක්ෂවලට ලබාදී තිබෙන අතර ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා මෙහිදී ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවලින් අනතුරුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 March 2015 11:45