May 12, 2024

නිදහස් පක්ෂ සියලු ආසන සංවිධායකවරුන්ට 16 වැනිදා කැඳවීමක්  

පක්‍ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සියලුම ආසන සංවිධායකවරුන් ලබන 16 වැනිදා කොළඹට කැඳවා ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලංනිප ආසන සංවිධායකවරුන්ගේ හමුව එදින පස්‌වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම විශේෂ හමුවට සහභාගි වන ලෙස සියලුම ශ්‍රීල.නි.ප. ආසන සංවිධායකවරුන් වෙත අද හෙටම දැනුම්දීමට නියමිතය.

මෙම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව හා පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින මත ගැටුම් සමථයකට පත්කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙදින පැවැත්වෙන සාකච්ඡාවට පෙර 14 වැනිදා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායක හමුවක්‌ හා සන්ධාන විධායක සභාව ද රැස්‌වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 11:35