May 11, 2024

ව්‍යවස්ථා වෙනස ගැන ශ්‍රීලංනිප - එජාපය සමඟ ජනපති සාකච්ඡාවක්

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සඳහා පක්ෂවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළැඹෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරය අවසන් වූ විගස මෙම හමුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සමග මැතිවරණ ක්‍රමයද වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින අතර, එක්සත් ජාතික පක්ෂය මේ දෙක වෙනම සිදුවිය යුතු බවට ස්ථාවරයක සිටින බව වාර්තා වේ.

එසේම එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපති ක්‍රමයේ පූර්ණ වෙනසක් සඳහා කටයුතු කරන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි බලතල සීමා කිරීමට පමණක් උනන්දු වන බව පෙන්නුම් කෙරේ. 

කෙසේ වෙතත් මෙම පක්ෂ 2 අතර එකඟතාවක් ඇති කිරීමට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 

 

Rate this item
(0 votes)