May 12, 2024

පළාත් පාලන නියෝජිතයින් මහින්ද සමග / දිස්ත්‍රික් රැස්වීමේදී ශ්‍රීලංනිප නිලධාරීන් අසරණ වේ (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින් සියලුම දෙනාගේ එකතුවෙන් අද (08) පැවැත් වූ රැස්වීමකදී  එම නියෝජිතයින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයට තරඟවදින්නේ නම් සහයෝගය දෙන බවට පැවසීය.

අද පෙරවරුවේ බදුල්ල සයිමන් පීරිස් ශාලාවේදී රැස්වීම පැවැත් විය.

මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් වන සුසිල් ප්‍රේමජයන්ත්, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාලද සිල්වා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔවුන් විසින් ඉදිරි මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දෙන බවට වූ යෝජනාවක් සභාවට ගෙන සම්මත කරන ලෙස සිදු කළ ඉල්ලීමේදී ඊට විරෝධය දක්වමින් සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව පවසමින් පළාත් පාලන නියෝජිතයින් සභාව උනුසුම් කරමින් හැසිරෙන්නට විය.

මේ අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිලධාරීන් විසින් පළාත් පාලන නියෝජිතයින්ට සිදු කළ තවත් යෝජනාවක් මෙම විරෝධයට හේතු වී තිබුණි.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ විසින් සංවිධානය කරන රැස්වීම් සඳහා එක් නොවන ලෙස සිදු කර තිබූ යෝජනාවය.

එම සිදුවීමෙන් පසු සභාවේ වැඩ කටයුතු අවසන් කිරීමට සිදු වූ බවට සිද්ධිය පිළිබඳ විස්ථර කළ නම හෙළි කළ නොහැකි පළාත් පාලන නියෝජිතයෙකු පැවසීය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

වීඩියෝව පහතින් නරඹන්න..

 

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 09:42