May 12, 2024

'ගෝඨා බේස්'‌ කඳවුර ගැන හිටපු නාවික හමුදාපති හෙළි කරයි

තමා දන්න තරමට ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ නොතිබූ බවත් එය නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක්‌ බවත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා පවසයි.

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ, ගෝඨා බේස්‌ නමින් කඳවුරක්‌ තිබුණා යැයි මේ දිනවල ප්‍රචාරයක්‌ යනවා. මොකක්‌ද මේ කඳවුර? යනුවෙන් ඇසූ ප්‍රශ්ණයකට පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

“එහෙම කඳවුරක්‌ තිබුණේ නෑ. මම දන්න විදියට නම් දැන්වත් එහෙම එකක්‌ නෑ. මම නාවික හමුදාවේ සිටි කාලය පුරාම එවැනි දෙයක්‌ තිබුණේ නැහැ. මම හිතන්නේ, නාවික හමුදාවට මඩ ගැසීම සඳහා කවුරුන් හෝ ප්‍රචාරය කරන බොරුවක්‌ මේක. ඒක නිසයි මම තීරණය කළේ ඔබ සාකච්ඡාවක්‌ ඉල්ලුවාම ලබා දෙන්න.“ යැයි හෙතෙම සඳහන් කර තිබේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ “නාවික හමුදාව විසින් එල්.ටී. ටී. ඊ. ය පරාජය කිරීමේදී සුවිශේෂී වැඩකොටසක්‌ කළා. කිලෝ මීටර් දහස්‌ ගණන් ඈතට ගිහිල්ලා එල්.ටී.ටී.ඊ. නැව් අටක්‌ විනාශ කළා. ඒ රාජකාරිය, අපේ හැකියාවන් ඉක්‌මවා ගිsහිල්ලා කරපු දෙයක්‌. එහෙම විශිෂ්ට සේවයක්‌ කරපු නාවික හමුදාවට අපකීර්තියක්‌ වෙන එක මට බලන් ඉන්න බැහැ. ඒ නිසයි මම තීරණය කළේ මේ ගැන යම් පැහැදිලි කිරීමක්‌ කරන්නට.“

Rate this item
(0 votes)
Last modified on Monday, 09 March 2015 07:39