May 12, 2024

‘මහනුවර රැළියට ආරාධනා ලැබුණා‘ - මහින්ද කතා කරයි

නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ තමා ලඟ බවත් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ තමා බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(06) පෙරවරුවේ විවාහ මංගල උත්සවයකට යන අතරතුරදී බුලත්සිංහල මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමිණි අවස්ථාවේදීය.

මාධ්‍යවේදීන් සමග නිදහසේ කතා කළ හිටපු ජනාධිපතිවරයා පැවසූවේ ඔහු අගමැති කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි.

ඊට සහභාගීවීම පිළිබඳ හිටපු ජනපතිවරයා නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත.

''මට මගුල් ගෙදරක යන්න තියෙනවා. නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මා ලඟයි. මමයි  නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නේ'' යැයි ඔහු එහිදී ප්‍රකාශ කළේය.

''ඔය ඇතිනේ, වැඩිය කතා කළොත් කට වරද්දාගන්න වේවි'' යනුවෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

හිටපු ජනපතිවරයා  මදුරාවල ප්‍රාදේශීය සභාවට පැමිණි බව දැනගැනීමෙන් හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඇතුලු හිටපු මැති ඇමතිවරු පිරිසක්ද පැමිණ තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 March 2015 08:41