May 12, 2024

'මැති ඇමති වාහන 300ක් තාම ලැබී නෑ' - රාජිත

හිටපු මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන් විසින් යළි භාරදිය යුතු වාහන 300ක් පමණ තවමත් ලැබී නැතැයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

එක් අයකුට නිල වාහන දෙකකට වඩා භාවිත කිරීමට නොහැකි වුවත් ඇතැමුන් වාහන 20කට වඩා භාවිත කර ඇතැයි හෙළිවූ බව අමාත්‍යවරයා පැවසී ය.

ආපසු භාරදී නොමැති වාහන පිළිබඳ වන වාර්තාවක් පෙරේදා (04) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවත් එම වාහන යළි ලබාගැනීමේ විමර්ශන අඛණ්ඩව කි‍්‍රයාත්මක බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 March 2015 13:10