May 06, 2024

චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී ‘ෆ්‍රෙන්ඩ්ෂිප්’ එකට රනිල් සහය දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකතු කිරීමට ගෙන යන ‘ෆ්‍රෙන්ඩ්ෂිප්’ එකට තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03) ප්‍රකාශ කළේය.

අගමැතිවරයා ඒ බව පැවසුවේ පලස්තීන ගාසා තීරයේ මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නමින් ආයතනයක් ඉදිකිරීමට පසුගිය රජය ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක් ලබාදී ඇතැයි අනාවරණය කිරීමෙන් පසු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මතු කළ අතුරු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

පලස්තීනයට එම මුදල් ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලයේදී වාසුදේව නානායක්කාර ඇමැතිවරයාද සහාය දෙන්නට ඇතැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

ඊට ප්‍රතිචාර දක්වමින් වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් තමාගේ නිරීක්ෂණ කියවා බලන්නැයි අගමැතිවරයාට අභියෝග කරන බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 March 2015 13:31