May 07, 2024

‘හිටපු ජනපති මා කී දේ නොඇසූ නිසා මම අද ජනපති වුණා‘ - ජනපති (VIDEO)

ඇමතිධූරයේ සිටි සමයේ හිටපු ජනාධිපතිට ඇතැම් වැඩ නොකරන ලෙස තමන් පැවසූ බවත් හිටපු ජනපතිවරයා තමන් සිදු කළ ඉල්ලීම් ඉෂ්ට නොකිරීම පිළිබඳව තමන් වර්තමානයේ සතුටු වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) පළමු වරට යාපනයේ සංචාරයක නිරත විය. 

අනතුරුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් පැවැත් වූ අතර එහිදී උතුරේ ජනතාවගේ ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් මේ බව පැවසීය.

ජනතා ගැටලු විසඳීමේදී උතුරු, දකුණු වෙනසක් නොමැති බවත් ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට වත්මන් රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

“මාව ජනාධිපතිවරයා වශයෙන් රටේ ජනතාව පත් කර ගත්තේ, ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මම ඉතාමත්ම සතුටුයි ඒ ප්‍රශ්න අහගෙන ඉන්න. ඒවාගේම ඊට වඩා සතුටුයි ඒ ප්‍රශ්ණ විසඳන්න. ඒ නිසා මේ ප්‍රශ්ණ විසදන්න අපි සියලු දෙනාම සහෝදරත්වයෙන් එකට කටයුතු කිරීම අවශ්‍යයි. අපි ඉඩම් ප්‍රශ්ණය සම්බන්ධයෙන්, මේ කෙටි කාලය තුල ඉඩම් ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රමුඛත්වයක් දිලා තියෙනවා.“ යැයි ජනාධිපතිවරයා එහිදී පැවසී ය.

“මම ඇමතිවරයෙක් විදියට ඉන්න කාලේ ඉදන් ඒකාලේ ජනාධිපතිතුමාට කිව්වා ඔය වැඩේ කරන්න කියලා හිටන්. ඒ විතරක් නෙවෙයි නැගෙනහිරත් එක කරන්න කියලා මම ඒකාලේ කිව්වා. ලේකම්වරුත් ඒ විදියට වෙනස් කරන්න කියලා මම ඉල්ලීම් කළා ඒ කාලේ. නමුත් ඒකාලේ එක වුනේ නැහැ. හැබැයි මම ඒ ගැන සතුටු වෙනවා. ඒ නොකරපු නිසා තමයි මම ජනාධිපති වුණේ. “ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 March 2015 15:50