May 06, 2024

'ජෝතිෂ්‍ය ගැන විශ්වාසයක් නෑ' - හිටපු ජනපති     

තමාට මේවන විට ජෝතිෂ්‍ය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පකිස්ථාන මාධ්‍යවේදිනියක විසින් පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  යොමු කරන ලද ප්‍රශන් කිහිපයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් එක්සත් ජනපදය, යුරෝපය මෙරටේ සැබෑ මිත්‍රයන් නොවන බවත් පකිස්ථානයේ  විශේෂයෙන් මුෂාරෆ් මෙරටට විශාල වශයෙන් උපකාර කළ ඇති බවත් හෙතෙම එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇතැයි විදේශ වාර්තා පෙන්වා දෙයි. 

තවද පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාව අතර තවදුරටත් සමීප සබඳතාවයක් පැවැත්විය හැකි ආකාරය පිළිබඳවද එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 March 2015 13:15