May 06, 2024

විධායක ජනපති ක්‍රමය අහෝසි කළොත් මෛත්‍රී අගමැති තරඟයට

විධායක ජනපති ක්‍රමය අහෝසි කළහොත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස ලබන ඡන්දයට ඉදිරිපත් කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ලක්ෂ 62ක් ජනතාව එතුමා කිසිදු බලයක් නැති පුද්ගලයකු වනු දකින්නට අකමැති බවද රාජිත සේනාරත්න ඇමැතිවරයා පැවසීය.

විධායක බලය නැති කළහොත් ජනපතිකමින් වැඩක් නැතැයිද එවිට ජනාධිපති නාමික ජනපතිවරයෙක් වන්නේ යැයිද ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම බලයට පත්වී මාස හයකින් ඉටු කරන ලෙස ජනාධිපතිවරණ සමයේ යෝජනා කළ විට එය දින සීයකින් කළ හැකි බව කීවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යැයි පවසන සෝභිත හිමියෝ දැන් විධායකයේ බලතල භාවිතා කර එම පොරොන්දුව ඉටු කරන ලෙස ඉල්ලති.

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවේ යැයිද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ අද (1) කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සමුළුවක් අමතමින් පැවසූහ.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 March 2015 11:18