April 28, 2024

'මම ඉන්නේ හොරු අල්ලන්න නෙ‍වෙයි' - ඇමති ජෝන් (VIDEO)

හොරු ඇල්ලීම තමන්ට සිදුකළ නොහැකි බව මහජන සාමය, ආපදා කළමනාකරණ හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අභිනවයෙන් ඉදිකළ ඇල්ල පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. 

වංචනිකයන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමේදී පොලීසිය නිසි පරිදි කටයුතු කළ යුතු බව හෙතෙම සඳහන් ක‍ළේය.

“මම ඉන්නේ ඇමතිවරයා හැටියට හොරු අල්ලන්න නෙ‍වෙයි. එහෙම නැත්තන් වැරදි කරපු මිනිස්සු අල්ලන්න නෙ‍වෙයි. ඒවා භාර පොලිස් නිලධාරීන්ට සමහර දේශපාලනඥයෝ හිතනවා මම තමයි ඕවා අල්ලන්න ඕනේ කියලා. මම තමයි ඇඟිල්ල දික් කරන්න ඕනේ කියලා. මම එහෙම කරන්නේ නෑ. ඒක මං භාරදීලා තියෙනවා මේ පොලීසියේ උසස් නිලධාරීන්ට මම යෝජනා කෙරුවා හාමුදුරුවනේ පුලුවන් නම් එල්ලුම් ගහත් ආපහු ගෙන්න කියලා.“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 19:35