April 28, 2024

බැසිල්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්!

February 28, 2015

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ආරම්භ කර පැය 24 ක්‌ ගතවීමට පෙර පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණයේ වංචා තුනක්‌ පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව වාර්තාවේ.

දූෂණ මර්දන ලේකම් කමිටු කාර්යාලය හරහා මේ පිළිබඳව පැමිණිලි තුනක්‌ මෙම මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට මෙසේ ලැබී ඇත.

පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සිදුවූ බව කියන මෙම වංචා පිළිබඳ පැමිණිලි විභාග කිරීමෙන් පසු හෙළි වූ තොරතුරු අනුව හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

දැනට විදේශගත වී සිටින බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට එතරම් අසීරු නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

(දිවයින)

Rate this item
(0 votes)