April 28, 2024

මහ මැතිවරණය ජුනි මාසයේදී?

February 28, 2015

දින සියයේ වැඩසටහන සම්පූර්ණ කළද නොකළද ලබන ජුනි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දින සියයෙන් පසු මැතිවරණයකට යා යුතුය යන ස්ථාවරය අනුව මෙම තීරණයට එළැඹ ඇතැයි වාර්තා වේ.

දින සියයේ වැඩපිළිවෙළ යටතේ ‍පොරොන්දු ඉටු කිරීමෙන් පසු මැතිවරණයට යාමට මේ වනවිට රජය සූදානමින් සිටින අතර එම වැඩපිළිවෙළට ශ්‍රීලංනිපය සහය දැක්වුවද නොදැක්වුවද දින සියයේ ‍පොරොන්දු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රජයේ ප්‍රකාශකයකු පැවසීය.

දින සියයේ ‍පොරොන්දු ඉටු කිරීමෙන් පසු අප්‍රේල් මස 24 දා මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත්  කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 March 2015 07:32