April 27, 2024

නිදහස් පක්ෂයේ සුදුසු අයට චන්ද්‍රිකාගෙන් ඇමති ධූර 10ක් - ඉඩම් ඇමති

February 27, 2015

මෛත්‍රිපාල රජයට සහාය නොදෙන සියලු පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට යටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ (26) කන්තලේදී පැවති පළාත් පාලන හා මහජන නියෝජිත හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් 59 දෙනකුට ඇරයුම් කර තිබුණද පැමිණි ඊට පැමිණ ඇත්තේ 17 දෙනකු පමණි.

මැදිරිගිරියේ පළාත් පාලන ආයතන දෙකක සභාපතිවරුන් වෙනස් කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන මැතිවරණයේදී බුලත් කොළයෙන් තරඟ කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

‘‘චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ළඟ තවත් ඇමැති ධූර 10 ක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදුසු අයට එය ඉදිරියේදී බෙදා දෙනවා.‘‘ යැයි ද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 00:27