April 28, 2024

‘දින සියය දෙසීය කරලා හරි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ‘ - රාජිත

February 27, 2015

මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට ජනතාවට පොරොන්දු වී තිබෙන බවත් දුන් පොරොන්දු ඉටු කිරීම ජනතාව බලාපොරොත්තුවන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඊයේ (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි. 

“මැතිවරණයකට කල් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත සහ මන්ත්‍රීවරුන්ගේ විනය පටිපාටිය යන කාරණා දින සියයයේ මූලික පරමාර්ථ අප ඉටු කළ යුතුයි.“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය. 

“මේවා ඉටු කරන්නට දින සියයක් ගියා කියලා, ජනතාව බනින්නේ නෑ. ඒවා පරක්කු වුණොත් පමණක් ජනතාව බනීවි“ යැයි අමාත්‍යවරයා පැවසී ය. 

“ජාතික ආණ්ඩුවක් බිහි වුවහොත් ඒ සඳහා පමණක් කැබිනට් අමාත්‍ය ධූර 45ක් ගේන්නට අවශ්‍යතාවක් තිබුණා. දින සියය දෙසීය කරලා හරි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒ සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා“ යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 00:13