April 28, 2024

ජාතික ආණ්ඩු යෝජනාව අද ශ්‍රීලංනිප විශේෂ මධ්‍යම කාරක සභාවට

February 26, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද (26) සවස 4.00ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වේ.

මෙහිදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩමුළුවේදී සාකච්ඡා කර එකඟතාවකට පැමිණි යෝජනා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර 19වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා අද දිනයේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව එම වැඩමුළුවේදී එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමට එකඟ වූ ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාවද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය. මෙම යෝජනාව අනුමත කර ගැනීමෙන් පසුව ජාතික ආණ්ඩුව සෑදීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීමටද නියමිතව ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතර ජාතික ආණ්ඩුව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය මේ සති අන්තයේ ලැබිමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාර්තු මාසයේ පළමු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්බන්ධව ආණ්ඩුව සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කිරීමට නියමිතව ඇත. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි වගන්තිය මගින් ජනාධිපතිවරයාට ලබාදී ඇති බලතල සම්බන්ධයෙන් සිදුකරනු ලබන සංශෝධන සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ස්ථාවරය ප්‍රකාශ කිරීමට නියමිත බවද වාර්තාවේ.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 10:49