April 28, 2024

චන්ද්‍රිකා ඇමැති රජීව මහහරී - ඇමැති ධුරයෙන් ඉවත් වී වාහනත් භාරදෙයි

February 25, 2015

උසස්‌ අධ්‍යාපන රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත්ව සිටි තමා පාවිච්චි කළ වාහන දෙකද ඊයේ (24)  අමාත්‍යාංශයට භාර දුන් බව මහාචාර්ය රජීව විඡේසිංහ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මහාමාර්ග, උසස්‌ අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා මගේ ගැටලුව විසඳන බව ප්‍රකාශ කළ බවත් තමාට අමාත්‍යධූරයෙන් නොයන ලෙස ඔහු ඉල්ලා සිටි බවත් නමුත් කබීර් හෂීම් අමාත්‍යවරයාට අගමැතිවරයා එම ගැටලුව විසඳීමට උපදෙස් දී නොමැති බවත් මහාචාර්ය රජීව විඡේසිංහ මහතා පැවසී ය.

මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කළේද යන්න අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකුට තමා කතා කළ බවත් ජනාධිපතිවරයා මීට තමාට ප්‍රකාශ කර කළේ අගමැතිවරයා හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට මේ පිළිබඳ වගකීම් පවරා ඇති බවත්ය.

පසුගිය 16 වැනි සඳුදා තමාට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට දුරකතනයෙන් කතා කරන බවට ප්‍රකාශ කළද තමාට කිසිදු දුරකතන ඇමතුමක් ලබා නොදුන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

"නමුත් විසඳුමක්‌ ලැබුණෙ නැහැ. ඒ නිසා මම අමාත්‍යාංශයෙන් ඉවත් වෙන්න තීරණය කළා. අපි කැපවුණේ යහපාලනයක්‌ ඇති කිරීමට. ඉතින් ඒ අරමුණ වෙනුවෙන් තවදුරටත් කටයුතු කරනවා.“ යැයි ඔහු ප්‍රකාශ කළේය. 

ඉදිරියේ දී කුමක්‌ හෝ කැබිනට්‌ ඇමැතිධ ධූරයක්‌ ලැබුණහොත් භාර ගන්නා බවද එසේ නොමැති වුවහොත් ආණ්‌ඩුවට සහාය දක්‌වමින් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බවද රජීව විඡේසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

(ප්‍රභාත් මාතරගේ)

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 09:40