May 06, 2024

'වැඩි කාලයක් මේ ආණ්ඩුවට යන්න බෑ' - කුමාර වෙල්ගම හෙළි කරයි (VIDEO)

February 24, 2015

වැඩි කාලයක් වර්තමාන ආණ්ඩුවට කටයුතු කළ නොහැකි බවත් අවශ්‍ය නම් වත්මන් ආණ්ඩුව පරාජයට පත් කර බලය ලබා ගත හැකි බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මතුගම ශ්‍රවනාගාරයේදී පාසල් දරුවන්ට උපකරණ බෙදාදීම වෙනුවෙන් පැවති උත්සවයකදී ය.

“වැඩි කාලයක් මේ ආණ්ඩුවට යන්න බෑ. දැන් ලබන සතියේ පාර්ලිමේන්තුව තියෙනවා. පාර්ලිමේන්තුවේදී තීරණයක් ගත්තොත් මේ ආණ්ඩුව එපා කියලා. අපිට පරද්දලා දාලා අපිට ආණ්ඩු බලය ගන්න පුළුවන්. නමුත් අපි ඒක කරන්නේ නෑ. මොකද අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නිසා එතුමාට ගෞරවයක් කරන්න එතුමා ඉල්ලා තියෙනවා මේ දින 100ට අපිට සයයෝගය දෙන්න කියලා.“ යැයි කුමාර වෙල්ගම මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 15:43