May 06, 2024

මහින්ද දේශපාලනයට එන ලකුණු! - කතරගම දේවාලයේදී විශේෂ භාරයක් ඔප්පු කරයි 

February 23, 2015

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (23) උදෑසන 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අඟල් හයක් උසැති ත්‍රිශූලයක රිදී පඬුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළ බව වාර්තා වේ.

දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඇතැම් විට හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බවට බොහෝ දෙනෙකු මත පළ කරති.

මේ අතර පසුගිය ඉරිදා දිනයේදී කතරගමට ගොස් ඇති හිටපු ජනාධිපතිවරයා අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වී ඇත. එම අවස්ථාවට හිටපු ජනපතිවරයා, ඔහුගේ බිරිය ශිරන්ති රාජපක්ෂ, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත්‍ර ශෂීන්ද්‍ර රාජපක්ෂ, පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල හා හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්වරු ද පැමිණ සිටියහ.

කෙසේ වෙතත් වෙනත් දිනවලදී හිටපු ජනපති කතරගම යන විට නොවරදවාම පැමිණේන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් පැමිණ නොසිටීම විශේෂත්වයකි.

හිටපු ජනපති රැගත් වාහනය ද සමඟ තවත් වාහන පහක් කිරිවෙහෙර පාලමෙන් එගොඩ වී මහා දේවාලය පිටුපස පාරෙන් එහි පිවිසෙද් දී දේවාලය සමීපයේ ගේට්ටුව වසා තිබිණි. එහි යතුර ක්ෂණිකවම සොයා ගත නොහැකි වූ අතර එතැන දී වාහනවලින් බැස හිටපු ජනපති දේවාලයට පයින් ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ මහතා එදින රාත්‍රිය ගත කළේ කිරිවෙහෙර විශ්‍රාම ශාලාවේ ය. අද (23) පෙරවරුවේ ඔහු කතරගමින් පිටත් වී ඇති බව වාර්තා වේ.

ඡායාරූප - ලංකාදීප

 

Rate this item
(0 votes)