May 06, 2024

විමල්ට දඩුවම් දෙකක් දිය යුතුයි - ජී.එච්. බුද්ධදාස (VIDEO) 

කූඨ ලේඛන සැකසීමට අනුබලදීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාටද දඩුවම් ලබා දිය යුතු බව කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් අවිධිමත් ලෙස සැකසීම හේතුවෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ව්‍යාජ ලෙස සකස් කිරීම නිසා අත්අඩංගුවට ගත් විමල් වීරවංශ මහතාගේ බිරිඳට දෙන දඩුවම ඒ සඳහා ආධාර හා අනුබල ලබා දුන් හිටපු ඇමතිවරයාට දඩුවම් දෙකක් ලබා දිය යුතු බවත් මේ සඳහා පොලීසිය ක්‍රියාත්මක වීම මන්දගාමී වූ බවත් නගරාධිපතිවරයා සඳහන් කළේය.

විමල් වීරවංශ මහතාට එක් නීතියකුත් සාමාන්‍ය පුද්ගලයාට එක් නීතියකුත් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 07:24