May 06, 2024

නිදහස් දිනයේ හමුදා පෙළපාළිය අතතුරදී ජනපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණයක්!

February 22, 2015

පසුගිය නිදහස් දිනයේ හමුදා ආචාර පෙළපාළිය අතරවාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළුව නව රජයේ නායකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතුණු බවට ආරක්ෂක අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය එය ඒ මොහොතේම ජනාධිපතිවරයාට දැනුම් දීමට ක්‍රියා කොට ඇති අතර, ඒ අනුව එම දිනය තුළ රජයේ ප්‍රධානීන් ආරක්ෂා කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් වී තිබේ.

නිදහස් දින රාජ්‍ය උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වුණේ විශේෂ වෙඩි නොවඳින ජැකට්ටුවක්ද සහිතවය.

1981 වසරේදී ඊජිප්තුවේ හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කළ අයුරින්ම මෙම ඝාතනද සිදු කරන්නට සැලසුම් කොට තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි අද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය. 

එම වාර්තාවට අනුව මෙම ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ බුද්ධි තොරතුර ලැබී තිබුණේ වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්. යූ. ඩී බස්නායක මහතාටය. මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේද ආරක්ෂක ලේකම් බස්නායක මහතා විසිනි.

නිදහස් උත්සවය පැවැත්වීමට මුලින් සැලසුම් කොට තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ගම් ප්‍රදේශය වන වීරකැටියේදී වන අතර පසුව එය කොළඹට ගෙන ඒමට කටයුතු යොදා තිබිණි. කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අභියසදී නිදහස් උත්සවය පැවැත්වීමට තීරණය කොට තිබුණේ නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.

නිදහස් දිනයේ හමුදා අවි ආයුධ ප්‍රදර්ශනය නොකිරීමටත් සීමිත සිසුන් පිරිසක් හැරෙන්නට පාසල් සිසුන් එයට සහභාගි නොකරගැනීමටත් ජනාධිපතිවරයා බලධාරින්ට උපදෙස් ලබා දී තිබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 07:40