May 06, 2024

රජයේ ඉහළ පුටුවලට ශ්‍රීලංනිපයෙන් සියයට 40ක් 

February 22, 2015

මේ වන විට අමාත්‍යාංශවලට අයත් ආයතන, දෙපාර්තමේන්තු හා සංස්ථාවල ඉහළ පුටු පිරවීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව හා ශ්‍රී ලං.නි.ප.ය අතර තරමක අර්බුදයක් හටගනිමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බහුතර බලයක් නොමැතිවද ආණ්ඩුව එම සියලු ආයතනවල ඉහළ පුටුවල සිටි පුද්ගලයනුත් ඉවත් කොට ඊට එජාපයට සම්බන්ධ පුද්ගලයන් පත් කිරීමට කටයුතු කරමින් සිටීම ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා හා ශ්‍රී ලං.නි.ප. ජ්‍යෙෂ්ඨයන් අතර ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම සාකච්ඡාවක් පැවැති අතර එහිදී ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබුණේ එම තනතුරු පිරවීමේදී බහුතරයක් මන්ත්‍රිවරු සිටින නිසා ශ්‍රී ලං.නි.ප.යටද සාධාරණයක් ඉටුවිය යුතු බවයි.

ඒ අනුව 40%ක ප්‍රමාණයක්වත් රාජ්‍ය ආයතනවල ඉහළ පුටුවල හිමිකාරිත්වය ශ්‍රී ලං.නි.ප.යට හිමිවිය යුතු බව යෝජනා කර ඇත. එහිදී ජනාධිපතිවරයාද ඊට එකඟතාව පළ කරමින් කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම සාධාරණ බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා ශ්‍රී ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

 

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 11:03