May 06, 2024

වත්මන් ආණ්ඩුවේ පැවැත්ම ගැන අනුර කුමාර හෙළි කරයි (VIDEO) 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඡන්දයට පෙර සහය දුන් සියල්ලට ම ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගියදා පානදුර පැවති ජන හමුවකදී ය. 

“දැන් සමහර අය අ‍පෙන් අහනවා. මේ කැබිනට් මණ්ඩලය හරි නෑ නේද? ඔව් හරි නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයට ජන්දේට කලින් සහය දෙන්න ආපු ඔක්කොටම ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් තියෙනවා. තව ආවනම් තව හැදෙනවා. වේලාවට ඒගානෙන් බේරුනේ. අරවත් එක්ක හැප්පි හැප්පි, කොනිත්ත, කොනිත්ත, එල්ලී එල්ලී ඉන්න ගියොත් මේ බලගතු වැ‍ඩේ කරගන්න බැහැ.“ යැයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 20:10