May 06, 2024

ජනපති දින 100 යේ ප්‍රගතිය සොයා බලයි

February 21, 2015

රජයේ දින 100 වැඩසටහන මේ වනවිට එක් පෙරමුණක ප්‍රතිත්තියක් නොව සමස්ත රජයේම ප්‍රතිපත්තියක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

මහජනතාවට සහන සැලසීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ කාර්යයක් බැවින් මහජනතාවගේ වියදම් අඩුකර ආදායම් වැඩි කිරීම අපේක්ෂා කරන අතර එය මානුෂීය අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ සිදුකළ යුතු බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ රජයේ දින 100 වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා සම්පත් ලබා දීම සහ ප්‍රගතිය පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාව ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් විය.

දින 100 වැඩ සටහනේ ප්‍රගතිය එහිදී සභාවට ඉදිරිපත් කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගුන ගැටලු පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එම අවස්ථාවේදීම පැන නැගුණු ගැටලු සියල්ල නිරාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ජනාධිපතිතුමා ලබා දුන් බව ය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 22 February 2015 07:50