April 28, 2024

හිටපු ඇමතිවරු පසුගිය රජයේ වරදක් ගැන සමාව ඉල්ලයි (VIDEO)

සිය පාලන කාලයේදී අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නොහැකි වීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමතිවරු ඊයේ (19) සමාව ඉල්ලා සිටියේය.

අදාළ පනත සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඔවුහු එම අදහස් පළ කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අදාළ පනත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම පිළිබඳව කනගාටුව පළ කරන බව එහිදී එජනිස හිටපු ඇමතිවරුන් පැවසූහ.

පසුගිය රජය ශ්‍රී ලංකාවට පහර ගැසීම සඳහා පැවති රජය විසින් ම අවස්ථා දෙනු ලැබූ බව මානව හිමිකම් පිළිබඳ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Rate this item
(0 votes)