April 28, 2024

‘රාජපක්ෂලාගේ පවුලේ බල්ලෙක්වත් ආපසු අරලියගහ මන්දිරයට එන්නේ නෑ.‘ - තොටවත්තගේ සම්පූර්ණ අනාවැකිය මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි තකා ජෝතිෂ්‍ය විෂය විකෘති කිරීමට විරෝධය දක්වමින් "ජෝතිෂ්‍ය අවභාවිතය වළක්වමු" මැයෙන් පසුගිය 16 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී විද්වත් කතිකාවක් පැවැත්විණි.

එම කතිකාවට ඉන්දික තොටවත්ත, පී.ඩී පෙරේරා, කේ,ඒ.යු සරත්චන්ද්‍ර වැනි ප්‍රවීණ ජෝතිෂඥයන් රැසක් සහභාගී වී තිබුණි.

එහිදී ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කළේ තමා බිය යන්න කුමක්දැයි නොදන්නා බවත් ඕනෑම අවස්තාවක සත්‍ය හෙළිකිරීමට පෙරමුණට පැමිණෙන බවයි. 

තමා එසේ බියෙන් සිටිනවානම් තවමත් පාවෙන අවිගබඩාවල හිමිකම ඇති රාජපක්ෂලාගේ පවුලේ බල්ලෙක්වත් ආපසු අරලියගහ මන්දිරයට නොයන බව පවසන්නේ නොමැති බවද ඉන්දික තොටවත්ත මහතා පැවසීය.

‘මෑතක දී ජ්‍යෙතිෂ්‍ය ගැන විශිෂ්ටම කතාව කළේ රතන හාමුදුරුවොයි. තනි කේන්දරයකට මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන්න බැහැ. සිකුරු ලබන්න ඕනෑ තනි මිනිහකුට හෝ පවුලකට නොවේ සමස්ත රටටයි යනුවෙන් රතන හාමුදුරුවන් කිව්වා.‘ යැයි ඔහු පෙන්වා දුන්නේය.  

‘මම මරණවට බය නෑ. ජනාධිපතිවරණයෙන් මහින්ද පරදින බව කිව්වා. ඉන් පසු මහින්ද මහත්තයට අපලයක් තිබුණා. දැන් ඒක ඉවරයි කියා රූපවාහිනී නාළිකාවකට ඇවිත් කියන්න අපි ලොකු ගාණක් දෙන්නම් කියා ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මාධ්‍ය අංශයේ කෙනෙක් දැනුම් දුන්නා. මරණ බය නැති නිසා මා එය කළේ නෑ. මහින්දට ආයේ බලයට එන්න වෙන්නේ නෑ. රාජපක්ෂ පවුලේ බල්ලක්වත් ආයේ අරලිය ගහ මන්දිරයට එන්නේ නෑ.‘ යැයි හෙතෙම අනාවරණ කළේය.

ඉන්දික තොටවත්ත මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 February 2015 12:17