April 28, 2024

ඉදිරි මැතිවරණය නව මැතිවරණ ක්‍රමයකට පවත්වන්න - සෝභිත හිමිගෙන් රජයට රතු එළියක්

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීමට පෙර රජය විසින් නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නව මැතිවරණ ක‍්‍රමය හඳුන්වාදීම සඳහා ලබාදිය හැකි සියලූ සහය තම පාර්ශවය විසින් ලබාදෙන බව එහිදී උන්වහන්සේ සඳහන් කළහ.

“අපි අවධාරණය කරනවා මේ රජයට ඉදිරි පවත්වන මැතිවරණය අනිවාර්යයෙන්ම නව මැතිවරණ ක්‍රමයක් හඳුනාගෙන කළ යුතුයි. ඒකට උත්තරයක් ලෙස කියන්න ලෑස්තිවෙනව මේ ටික කරන්න කල් මදි. කවුද අපි දවස් 100ක් ඉල්ලුවැයි. දෙයියනේ 36 අවුරුද්දක් අල බහිනකම් ඉන්න පුළුවන් අපිට තැම්බෙනකම් ඉන්න බැරිද. ඕනනම් අවුරුදු 2ක්ම ගන්න.“ යැයි මාදුළුවාවේ සෝභිත හිමියන් වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 February 2015 09:38