April 28, 2024

නුගේගොඩ තිබුණේ ජාතිවාදී රැස්‌වීමක්‌ - අසාද් සාලි අභියෝගය භාර නොගනී

February 19, 2015

නුගේගොඩදී ඊයේ (18) පැවැතියේ බෞද්ධ කොඩි අතින් ගත් පිරිස්‌ සහභාගි වූ ජාතිවාදී රැස්‌වීමක්‌ නිසා තමන් දේශපාලනයෙන් ඉවත් වන බවට කළ අභියෝගය භාර නොගන්නා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි.

නුගේගොඩ රැස්‌වීමට පන්දහසක ජනතාවක්‌ පැමිණියහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට අසාද් සාලි මහතා කළ ප්‍රකාශය සම්බන්ධව කළ විමසීමකදී හෙතෙම මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පැවසූවේ පන්දහසක් ගෙනැවිත් පෙන්නන්න යැයි විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අභියෝග කළේ දේශපාලන රැස්වීමකට මිස ජාතිවාදී රැස්වීමකට නොවන බවයි. 

සමාජ වබේ අඩවි, බොදුබල සේනා වැනි සංවිධානවලින් මෙම රැලිය සඳහා සහභාගි වන්නැයි ජාතිවාදී ආරාධනයක් කළ බවද ජාතිවාදියෙන් මිදී දේශපාලන රැස්වීමක් සඳහා මෙම ජනතාව ගෙනැවිත් පෙන්වූයේ නම් තමන් ඒ අභියෝගය භාර ගැනීමට සුදානම් බවද අසාද් සාලි මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මහතා “මේක දේශපාලන රැස්වීමක් නොවේ. තනිකර ජාතිවාදී රැස්වීමක්. වෙබ් අඩවිවලින් ජාතිවාදය අවුස්සන සුළු ප්‍රකාශ දාලා තමයි මේ සෙනඟ ගෙනාවේ. අපි ඒවා භාරගන්න ලෑස්ති නෑ. විමල් වීරවංශ මහත්තයාට තමන්ගේ කාර්යාලය ළඟ ඉඳලා පෙළපාළියේ ඇවිත් 5000ක් පෙන්නුවා නම් මම පිළිගන්නවා. ඔය ප්‍රයිවට් බස්වලින් සෙනඟ ඇදලා ජාතිවාදී රැස්වීම් පවත්වපු අය හා අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම් නෑ.“ 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 February 2015 09:38