April 28, 2024

ඇමති ගාමිණී ජයවික්‍රම හා බන්දුල අතර විශේෂ සාකච්ඡාවක් 

February 18, 2015

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තමාගෙන් ඉල්ලීමක් කර ඇති බව හිටපු අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

අප සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල පවතින ක්‍රියාකාරීත්වය හා එම සංකල්පය පිළිබඳ පැහැදිලි කිරීමක් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා විසින් ඉල්ලා ඇති බවත් ඒ සඳහා තමන් හා අමාත්‍යවරයා බදාදා දිනයේදී පාර්ලිමේන්තුවේදී හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවත්ය.

තමන්ට අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දුරකතනයෙන් කතා කර දැන්වූ බවත් එවැනි සංවාදයක් ඉල්ලා සිටීම අමාත්‍යවරයාගේ මහත්මා ගතිය පෙන්නුම් කරන බවත් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා පැවසී ය.

2001 එජාප රජයේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවීමේ විෂය 2007 දී වෙළෙඳ, අලෙවි සංවර්ධන. සමූපකාර සහ පාරිභෝගික සේවා අමාත්‍යාංශයට පවරන ලදී. ඒ අනුව සියලුම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමේ කටයුතු සම්බන්ධීකරණය සහ අධීක්ෂණය මෙම අමාත්‍යාංශය විසින් කරනු ලැබේ.

මේ වන විට එම විෂය ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයට පවරා තිබේ.

(ප්‍රභාත් මාතරගේ)

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 February 2015 06:58