April 28, 2024

රජිව්ට කැබිනට් ඇමතිකම දෙන්න කබීර් හෂිම් කැමති වෙයි 

February 18, 2015

තමන්ට උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍ය ධුරය ලබාදෙන ලෙස දැනට එම අමාත්‍ය ධුරය හොබවන කබීර් හෂිම් මහතාද යෝජනා කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජිව් විජේසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මහනුවර, පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තම ධුරයේ රාජකාරී නිසි පරිදි ඉටු කිරීමට නොහැකි බව පවසමින් තමන් යොමු කළ ලිපියට මේ දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදී නොමැති බවත් උද්ගත වූ ගැටලූවලට ඊයේ (17) දිනට පෙර විසදුම් ලබාදෙන්නැයි තමන් අදාළ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එසේ නොවුනහොත් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවද එම ලිපිය මගින් දන්වා තිබූ බව රජිව් විජේසිංහ මහතා පැවසී ය.

“යුතුකමක් තිබෙනවා යහපාලනය අනුව කටයුතු කරන්න. මට වැඩ කරන්න අවශ්‍යයි. ඉතින් මට මෙහෙම වැඩ කරන්න බැහැ. මම මුලින්ම ඇහුවා මේ ආණ්ඩුවේ මොකද්ද වැදගත්ම දෙය කියලා මම කිවා විශ්වාසය දාන්න තියෙනවා කියලා. අපි අතරම විශ්වාසය නැත්නම් මට කියන්නේ නැතුව මගේ ලේකම්ට අණ දෙනවා නම්, කබීර් හෂීම් සහ රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්න ඉගෙන ගන්න ඕනි. අපි යහපාලනයට තමයි ආවේ.“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 February 2015 13:02