May 10, 2024

මහින්ද වෙනුවෙන් නුගේගොඩ රැළියට බස්නාහිර මන්ත්‍රීරවරුන් 40ක් 

February 17, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස මහ මැතිවරණයේදී ඉදිරිපත් කළ යුතු යැයි හෙට (18) නුගේගොඩ නගරයේදී පැවැත්වෙන රැස්‌වීමට බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක්‌ සහභාගි වීමට ඊයේ (16) වන විට තීරණය කර ඇතැයි වාර්තා වේ.

බස්‌නාහිර පළාත් සභා ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රි ශ්‍රාවස්‌ති මන්දිරයේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායමේ රැස්‌වීම අවස්‌ථාවේ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වනවාද? නැද්ද? යන්න දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකිවූ පසුව නැවත මන්ත්‍රීවරුන් රැස්‌වී ඉන් බහුතරයක්‌ නුගේගොඩ රැස්‌වීමට සහභාගි වීමට තීරණය කර ඇත. බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු සිටින අතර ඊයේ (18) පැවැති රැස්‌වීමට මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ සහභාගි වී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 17 February 2015 15:13